නවසීලන්තය ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඇරඹීමට සූදානම්

Tuesday, 11 August 2020 - 13:39

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ සිය ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ එළඹෙන ගිම්හානයේදී ආරම්භ කිරීමට සූදානම් බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

ඒ අනුව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්ථාන, ඕස්ට්‍රේලියානු සහ බංග්ලාදේශ කණ්ඩායම් නවසීලන්තයට පැමිණෙන අතර, අදාළ රටවල ක්‍රිකට් පාලක මණ්ඩල ඒ බව සහතික කළේයැයි නවසීලන්ත ක්‍රිකට් ප්‍රධාන විධායක ඩේවිඩ් වයිට් කියා සිටියා.

ඊට අමතරව, නවසීලන්ත කණ්ඩායම ද  ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිතයි.

කොවිඩ් 19 වසංගතයෙන් පසු නැවතත් ක්‍රිකට් තරඟ ආරම්භ කිරීමේදී එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය අනුගමනය කළ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් එලෙසින්ම යෙදවීම කෙරෙහි නවසීලන්තයේ ද අවධානය යොමුව තිබෙනවා.