ස්ටුවට් බ්‍රෝඩ්ට දඩයක්

Wednesday, 12 August 2020 - 7:55

%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%A9%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එංගන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ට ජගත් ක්‍රිකට් කවුන්සිලය දඩ නියම කර තිබෙනවා.

ඒ, පාකිස්තානය සමඟ පසුගිය සතියේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී ක්‍රීඩකයෙකුට අසභ්‍ය වචන භාවිතා කිරීමේ සිද්ධියක් මත අයි.සී.සී. විනය නීති උල්ලංගණය කළ බව පවසමින්.

ඒ අනුව ඔහුට තරඟ ගාස්තුවෙන් සියයට 15ක දඩ මුදලක් පැනවීමට තීරණය කර තිබෙනවා. විශේෂත්වය වන්නේ මෙම තරඟයේ තීරකවරයා ලෙස කටයුතු කළ ස්ටුවට් බ්‍රෝඞ්ගේ පියා වන ක්‍රිස් බ්‍රෝඞ් විසිනුයි මෙම දඩය පනවා ඇත්තේ.