ශකීබ් යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට

Wednesday, 12 August 2020 - 13:18

%E0%B7%81%E0%B6%9A%E0%B7%93%E0%B6%B6%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
වසරක තරග තහනමකට ලක්ව සිටින බංග්ලාදේශ  තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් හට ශ්‍රී ලංකාව සමග මේ වසරේදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස තරගාවලියේදි නැවතත් සිය කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වනු ඇතැයි වාර්තා වනවා.

අයි.සි.සි දුෂණ විරෝධී නිතී උල්ලංඝනය කිරීමේ වරදට ඔහුට වසර දෙකක තහනමක් පැනවු අතර එල්ල වූ චෝදනා තුනක් පිලිගැනීම හේතුවෙන් එම තහනම වසරකට සීමා කිරීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණ්‍ය කලේ.

ඒ අනුව සකීබ් අල් හසන් ට ලබන ඔක්තොම්බර් 29 වනදා සිට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහා සහභාගි වීමට හැකි වන අතර ඔහු මේ වන විට පුහුණූවීම් ද ආරම්භ කර තිබෙනවා.