බංග්ලාදේශය පැමිණීම තහවුරු කරයි

Thursday, 13 August 2020 - 8:28

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලබන මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීම තහවුරු කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා.

සැප්තැම්බර් මස 23 හෝ 24 වනදා ඔවුන් දිවයිනට පැමිණීමට නියමිත බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත්තේ.

තරග තුනම බොහෝ විට කොළඹදී පැවැත්වෙනු ඇති.

ක්‍රීඩකයන් තරඟවලට සහභාගි නොවීම නිසා මෙම තරගාවලිය දුෂ්කර එකක් වනු ඇති බවද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් සැළසුම් කර ඇති පරිදි තරගාවලිය සාර්ථකව පැවැත්වීමට හැකිවනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළා.