විස්ස විස්ස සත්කාරකත්වයේ අමතර රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමට අවධානය

Thursday, 13 August 2020 - 20:13

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සත්කාරකත්වය ලබා දිය හැකි අමතර රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් ලෝක කුසලානයේ අමතර සත්කාරකත්ව රටක් ලෙස නම් කිරීමේ සූදානමක් පවතින බවයි.

මෙලෙස ජගත් ක්‍රිකට් කවුන්සලය ඉන්දියාවට අමතර වෙනත් රටකදී ලෝක කුසලානය සංවිධාන කිරීමේ හැකියාව ගැන අවධානය යොමුවී ඇත්තේ පවතින කොවිඩ් අවදානම හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් හිරු ක්‍රීඩා අංශය කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පැවසුවේ 2021 ලෝක කුසලානයට සත්කාරකත්වය ලබාදිය හැකි අමතර රටක් ලෙස ශ්‍රී ලංකාව පමණක් නම් කිරීමට අයි.සී.සී. ය තීරණය කර ඇති බවයි.