ඕස්ට්‍රේලියාව යළි ජාත්‍යන්තර පිටියට

Friday, 14 August 2020 - 13:44

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ලබන සැප්තැම්බර් මාසයේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 3කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 3කට සහභාගි වන බව එංගලන්ත සහ වේල්ස ක්‍රිකට් පාලක මණ්ඩලය අද නිවේදනය කළා.

එංගලන්තයේදී මෙම සීමිත පන්දු වාර තරගාවලි ආරම්භ වන්නේ සැප්තැම්බර් 4 වන දා සිටයි.

මුලින් විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන අතර, ඉන් අනතුරුව එක්දින ජාත්‍යන්තර තරඟ පැවැත්වෙන්නේ අයි.සී.සී. ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට අදාළවයි.

කොවි-19 අවදානම හේතුවෙන් මෙම සියළුම තරඟ නරඹන්නන්ගෙන් තොර ක්‍රීඩාංගණවල පැවැත්වීමටයි දැනට තීරණය වී ඇත්තේ.