ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ නැරඹීමට යළිත් අවස්ථාව

Monday, 14 September 2020 - 20:28

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා නැවතත් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

කොවිඞ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ප්‍රේක්ෂකයන්ට විවෘත වූයේ නැහැ.

එහෙත්, ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර, බිරස්බෙන්හි ලබන 26 වනදා ආරම්භ වන සීමිත පන්දුවාර තරඟාවලියේදී ඒ සඳහා ක්‍රීඩාංගනයේ සියයට 50 ක් ආසන සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට නියමිතයි.

ප්‍රේක්ෂකයන් සෞඛ්‍යාරක්ෂණ රෙගුලාසි පිලිපැදිය යුතු අතර, ඔල්වරසන් නැගීම අවම මට්ටමකින් සිදුකරන ලෙස ඔවුන්ට උපදෙස් ලබාදෙනු ඇති.