ලොව වැඩිම ආදායම හිමිකරගත් පාපන්දු ක්‍රීඩකයා ලියනොල් මෙසී

Tuesday, 15 September 2020 - 14:00

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%83%E0%B7%93
මේ වසරේ ලොව වැඩිම ආදායම හිමිකරගත් පාපන්දු ක්‍රීඩකයා ලෙස ආජන්ටිනා සහ බාසිලෝනා ක්‍රීඩක ලියනොල් මෙසී නම් කර තිබෙනවා.

ෆෝබ්ස් සඟරාව ප්‍රකාශ කරන පරිදි මේ වසරේ ඔහුගේ ආදායම ඩොලර් මිලියන 126 ක්.

පෘතුගාල සහ යුවෙන්ටොස් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඩොලර් මිලියන 117 ක් උපයමින් දෙවන තැනට පත්ව ඇති අතර, තුන්වන තැන හිමිව ඇත්තේ ප්‍රංශයේ පැරිස් - සෙන් ජර්මාන් පිල නියෝජනය කරන බ්‍රසීල ක්‍රීඩක නේමාර්.