බංග්ලාදේශයට දින හතක නිරෝධායන කාලයක් - ක්‍රිකට් ආයතනයෙන් යෝජනාවක්

Thursday, 17 September 2020 - 13:23

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%84%E0%B6%AD%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලියට අදාළව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණීමේදී නිරෝධානයට ලක්විය යුතු කාලසීමාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දින හතක් එරට නිරෝධානයනට ලක්වී මෙරටට පැමිණීමෙන් පසු යළිත් දින හතක් නිරෝධායනයට ලක්විය යුතු බවටයි.

ටෙස්ට් තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම මෙරටට පැමිණි පසු දින 14 ක් නිරෝධානයට ලක්විය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දීමක් කර තිබූ අතර, පසුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඊට එකඟ වූයේ නැහැ.

කෙසේ වෙතත් ඔවුන් සඳහන් කළේ් තමන් දින 7 ක නිරෝධායනයක් අපේක්ෂා කරන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම යෝජනාව සිදුකර ඇති අතර, ඊට මේ වනතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ එකඟතාව පළවී නොමැති බවයි වාර්තාවන්නේ.

ලබන මස 23 වනදා මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ආරම්භ වීමට නියමිතයි.