යුපුන් අබේකෝන්ගෙන් තවත් ජාත්‍යන්තර ජයග්‍රණයක් (වීඩියෝ)

Thursday, 17 September 2020 - 13:56

%E0%B6%BA%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ස්විට්සර්ලන්තයේ පැවති ජාත්‍යන්තර ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගන්නට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා.

ලොව සුපිරි ක්‍රීඩයන් රැසක්ම එක්වූ මෙම තරගය යුපුන් නිමා කළේ තත්ත්පර 10 දශම 24කින්.

පසුගිය සතියේ ජර්මනියේ ඩෙසෝහිදී පැවති ඇන්හාල්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100ය ඉසව්ව තත්ත්පර 10 දශම 16කින් කර නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන්නටත් යුපුන් සමත් වුණා.

කෙසේ වෙතත් මේ තරගයේ ජය තහවුරු කරගත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය ශුරයා වූ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනී.

ඒ තරගය තත්ත්පර 10යි දශම 02කින් නිමා කරමින්.

එහි දෙවැනි ස්ථානය තරගය තත්ත්පර 10 දශම 07කින් අවසන් කළ ඉතාලියේ ෆිලිපෝ ටෝටු දිනා ගත්තා.