සිම්බාබ්වේ ක්‍රිකට් පිලට පාකිස්ථාන සංචාරයට අවසර

Saturday, 26 September 2020 - 13:12

%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
සිම්බාබ්වේ ක්‍රිකට් පිලට පාකිස්ථානයේ සංචාරය කිරීම සඳහා රජයේ අවසරය හිමිව තිබෙනවා.

ලබන මාසයේ යෙදී ඇති එම ක්‍රිකට් චාරිකාවේදී කණ්ඩායම් දෙක අතර එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනක් පැවැත්වීමට නියමිතයි.

අයි.සී.සී. ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට අදාළ එක්දින තරග මුල්තාන්හිදී පැවැත්වෙන අතර, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග රාවල්පින්ඩි හිදී පැවැත්වෙනු ඇති.