ජාතික රළ මත ලිස්සායාමේ තරඟාවලිය ආරුගම්බේ දී ඇරඹෙයි (වීඩියෝ)

Saturday, 26 September 2020 - 14:45

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%85+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29



ජාතික රළ මත ලිස්සා යැමේ තරගාවලිය අද උදෑසන ආරුගම්බේ වෙරළ තීරයේදී ආරම්භ වුණා.

මූලික වටයේ තරග අද දිනයේ දී ක්‍රියාත්මක වන අතර ඊට ඕස්ට්‍රේලියාව, ජර්මනිය ,එංගලන්තය ,අමෙරිකාව ඇතුළු රටවල් 15ක තරගකරුවන් 101දෙනෙක් එක්ව සිටිනවා.

දෙදිනක් පුරා ක්‍රීයාත්මක වන තරගාවලිය හෙටින් අවසන් වීමට නියමිත අතර සමාප්ත උත්සවය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් සිදු කිරිමට නියමිතයි.

ක්‍රීඩා අමාත්‍යංශය ,සංචාරක අමාත්‍යංශය සමගින් තරගාවලිය සංවිධාන කරන්නේ ලංකා ස්පෝර්ට්රයිසන් ආයතනයයි.