බැංගලෝර් කණ්ඩායමෙන් ඉසුරු අද පිටියට !

Monday, 28 September 2020 - 16:19

%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%21
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන් කණ්ඩායම අතර තරඟය ආරම්භයට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි.

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ මෙවර IPL තරඟාවලියේ බොහෝදුරට වැඩි ආකර්ෂණයක් හිමිවිය හැකි තරඟයක් ලෙසයි මෙම තරඟය හැඳින්වෙන්නේ.

ඊට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ශ්‍රී ලාංකික හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන වීම බවටද විචාරකයන් මත පලකරනවා.

මේ අතර විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තාකර ඇත්තේ අද තරඟයට ශ්‍රී ලාංකික සුපිරි ක්‍රිකට් තරුවක් වන ඉසුරු උදාන ක්‍රීඩා කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.

මෙවර IPL තරඟාවලියේ එකම ශ්‍රී ලාංකික නියෝජනය ඉසුරු උදාන වීමත් විශේෂත්වයක්.

ඔවුන් සඳහන් කරන්නේ ඉසුරුගේ ස්ථානයේ තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ඩේල් ස්ටේන් සහ ක්‍රිස් මොරිස් ක්‍රීඩා කිරීමට ඉඩකඩක් ඇතිමුත් අද තරඟයට ඉසුරු එක්කරගැනීමට වැඩි ඉඩක් පවතින බවයි.

මෙම කරුණු හේතුවෙන්  IPL තරඟාවලියේ අද පැවත්වෙන තරඟයට වැඩි ශ්‍රී ලාංකික ආකර්ශනයක් හිමිවනු ඇති බවයි සඳහන් වන්නේ.

බොහෝ දුරට අද තරඟයට ක්‍රීඩාකරනු ඇති බවට විදෙස් ක්‍රීඩා මාධ්‍ය සඳහන් කර ඇති කණ්ඩායම් පහතින්.


Mumbai Indians (probable):

1 Quinton de Kock (wk),
2 Rohit Sharma (capt),
3 Suryakumar Yadav,
4 Saurabh Tiwary,
5 Kieron Pollard,
6 Hardik Pandya,
7 Krunal Pandya,
8 James Pattinson/Nathan Coulter-Nile,
9 Rahul Chahar,
10 Trent Boult,
11 Jasprit Bumrah


Royal Challengers Bangalore (probable)

1 Aaron Finch,
2 Devdutt Padikkal,
3 Virat Kohli (capt),
4 AB de Villiers,
5 Josh Philippe (wk),
6 Shivam Dube,
7 Washington Sundar,
8 Dale Steyn/Chris Morris/Isuru Udana,
9 Umesh Yadav/Mohammed Siraj,
10 Yuzvendra Chahal,
11 Navdeep Saini