ෂෙරීනා විලියම්ස් ප්‍රංශ ටෙනිස් තරගාවලියෙන් ඉවත් වෙයි

Thursday, 01 October 2020 - 13:23

%E0%B7%82%E0%B7%99%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලෝක ටෙනිස් ශූරියක වන ඇමරිකාවේ ෂෙරීනා විලියම්ස් මේ දිනවල පැවැත්වෙන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

ඒ, පාදයේ ආබාධයක් හේතුවෙන්.

මේ නිසා තරගාවලියේ දෙවන වටයේදී ඇය සහභාගිවීමට නියමිතව තිබූ තරඟයට ද ක්‍රීඩා කළේ නැහැ.

ග්‍රෑන්ඩ් - ස්ලෑම් ශූරතාව 23 වතාවක් දිනා ඇති ෂෙරීනා විලියම්ස් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ද තුන් වතාවක් ජයග්‍රහණය කර තිබෙනවා.

තවත් සති 3ක කාලයක් ඇයට විවේකීව සිටීමට සිදුවන බවයි වාර්තා වන්නේ.