මුම්බායි ඉන්දියන්ස්ට ජය

Friday, 02 October 2020 - 7:40

%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
අබුඩාබි හිදී  ඊයේ පැවති ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගයෙන් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිල පරදවා ලකුණු 48 ක ජයක් අත්කරගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ පන්ජාබ් පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස මුම්බායි පිලට ඇරයුම් කළ අතර, ඔවුන් සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු 4 ක් දැවී ලකුණු 191 ක් රැස් කළා.

එහිදී රෝහිත් ෂර්මා ලකුණු 70 ක් රැස් කළ අතර, කයිරන් පොලාඞ් නොදැවී ලකුණු 47 ක් රැස් කළේ පන්දු විස්සකින්.

පිළිතුරු වශයෙන් කිංග්ස් පන්ජාබ් පිලට සිය පන්දු වාර විස්ස තුලදී කඩුලු 8 ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 143 ක් පමණයි. එහිදී ජේම්ස් පැටිසන්, ජස්ප්‍රිට් බුම්රා සහ රාහුල් ෂහාර් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.