අවසන් පන්දුවේ හයේ පහරින් පන්ජාබ් ජය ගනී (වීඩියෝ)

Friday, 16 October 2020 - 8:22

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


සාජා හිදී ඊයේ පැවති අයිපීඑල් තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරදවා කඩුලු අටක ජයක් වාර්තා කිරීමට කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිල සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගරෝල් පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු හයක් දැවී ලකුණු 171 ක් රැස් කළා.

නායක විරාට් කෝලි එහිදී ලකුණු 48 ක් ලබාගත් අතර, රවි ශංකර් අශ්වින් ලකුණු 23 කට කඩුලු දෙකක් බිඳ හෙලුවා.

පිළිතුරු වශයෙන් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු දෙකක් දැවී ලකුණු 177 ක් රැස් කරමින් තරගයේ ජය හිමිකරගත්තා.

එහිදී ලෝකේෂ් රාහුල් නොදැවී ලකුණු 61 ක් ලබාගත් අතර, ක්‍රිස්ගේල් ලකුණු 53 ක් රැස් කළා.

පන්ජාබ් පිලේ ජයග්‍රහණය තහවුරු වුණේ තරගයේ අවසන් පන්දුවේදී නිකලස් කූරන් එල්ල කළ හයේ පහරකින්.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.