දිල්ලි කැපිටල්ස් පිලට ජය

Sunday, 18 October 2020 - 8:46

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
සාජා හිදී ඊයේ පැවති ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල පරදවා කඩුලු පහක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු හතරක් දැවී ලකුණු 179ක් රැස් කළා.

පිළිතුරු වශයෙන් දිල්ලි කැපිටල්ස් පිල පන්දු වාර 19යි පන්දු 5 කදී කඩුලු පහක් දැවී ලකුණු 185ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්තා.

දිල්ලි පිල වෙනුවෙන් ෂිකර් ධවාන් පන්දු 58කදී නොදැවී ලකුණු 101ක් රැස් කරගැනීමට සමත්වුණා.