ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයින් තෝරාගැනීම ඔන්ලයින් ක්‍රමයට

Monday, 19 October 2020 - 20:38

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7
ලබන නොවැම්බර් මස 21 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රිඩකයින් තෝරාගැනීම ඊයේ(19) වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකෙරුණා.

එහිදී ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කලම්බූ කින්ග්ස් කණ්ඩායම සදහා ඇන්ඩි්‍ර රසල්, ෆැප් ඩු ප්ලේසිස්, මන්වින්දර් බිස්ලා, ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල් යන ක්‍රිඩකයින් තෝරා ගැනුණා.

දඹුල්ල හොක්ස් කණ්ඩායම සදහා දසුන් ශානක නායකත්වය දරන අතර ඩේවිඩ් මිලර්, සමිත් පටෙල්, කාලෝස් බ්‍රත්වෙට්, ටෝඩ් ඇස්ටල් යන විදෙස් ක්‍රීඩකයින් ඇතුළත්.

ලසිත් මාලිංග නායකත්වය දරන ගෝල් ගැලැඩියෙටර්ස් කණ්ඩායම සදහා සහිඩ් අෆ්රිඩි, සර්ෆාස් අහමඩ්, කොලීන් ඉන්ග්‍රම් සහ මොහොමඩ් අමීර් ඇතුළත්.

එමෙන්ම, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සදහා අසීෆ් අලී සහ උස්මාන් සින්වාරි තෝරාගෙන ඇති අතර කැන්ඩි ටස්කස් කණ්ඩායම සඳහා ක්‍රිස් ග්‍රේල්, ලියාම් ප්ලන්කට්, වහාබ් රියාස් යන විදෙස් ක්‍රිඩකයින් ද ඇතුළත්.

\"\" \"\"
\"\"
\"\"