විජේ සේතුපති \"800\" චිත්‍රපටයෙන් ඉවත් වෙයි (වීඩියෝ)

Wednesday, 21 October 2020 - 22:53

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%5C%22800%5C%22+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ලොව බිහිවූ විශිෂ්ඨතම දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිතකතාව ඇසුරෙන් නිර්මාණය වන \"800\" දෙමළ චිත්‍රපටයේ මුරලිගේ චරිතයට පණපොවන කොලිවුඩ් නළු විජේ සේතුපති එම චිත්‍රපටයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මේ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබූ අතර පසුගිය දා චිත්‍රපටයේ නිල ග්‍රාෆික විඩියෝ එළි දැක්වීමත් සමගින් සේතුපතිට එරෙහිව තමිල්නාඩුවේ වෙසෙන LTTE හිතවාදීගෙන් දැඩි විරෝධයක් එල්ල වුණේ මෙම චිත්‍රපටයෙන් ඔහුට ඉවත් වන ලෙස බල කරමින්.

මීට පෙර මුරලි විසින් සිදු කළ ප්‍රකාශ පාදක කරගනිමින් LTTE හිතවාදීන් ඊට විකෘති අදසක් ගෙන දෙන අයුරින් තමිල්නාඩුවේ මතකයක් ගොඩ නැගුවේ මුරලිට එරෙහිව දැඩි විරෝධයක් ද මතු කරමින්.

මෙම චිත්‍රපටයෙන් විජේ සේතුපති ඉවත් නොවුනහොත් ඔහුගේ දියණිය දූෂණ කර බවටත් ඔවුන් විසින් තර්ජනය කර තිබුණා.

ඒ අතරතුරයි \"800\" චිත්‍රපටයෙන් ඉවත් වන ලෙස මුරලි විසින් සේතුපතිගේ ඉල්ලීමක් සිදු කළේ.

මෙම චිත්‍රපටය හේතුවෙන් සේතුපතිගේ සිනමා දිවියට වන හානිය ගැන සලකා තමන් මෙම ඉල්ලීම සිදු කළ බවයි  මුරලි පවසන්නේ.

ඊට ප්‍රතිචාර දැක්වූ විජේ සේතුපති මුරලි විසින් ඔහු වෙත යොමු කළ ලිපිය, සිය නිල Twitter ගිණුමේ ඇතුළත් කරමින් \" ස්තුතියී ආයුබෝවන්\" ලෙස ආමන්ත්‍රණය කරමින්  දමිළ භාෂාවෙන් සටහනක් ද තබා තිබුණා.

\" වැරැදි වැටහීම හේතුවෙන් චිත්‍රපටයෙන් ඉවත් වන ලෙසට විජේ සේතුපතිට ඇතැම් පිරිසක් බලපෑම් කරනවා. මට අවශ්‍ය නැහැ තමිල්නාඩුවේ ඉන්න හොදම නළුවෙකු කරදරයකට පත් වෙනවට. ඒ නිසා මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මෙම චිත්‍රපටයෙන් ඉවත් වන ලෙස. චිත්‍රපටයේ නිෂ්පාදකයින් මෙම අභියෝගය ජය ගන්නා බව මට විශ්වාසයි. මේ සම්බන්ධයෙන් ඔවුන් ඉදිරියේ දී නිවේදනයක් සිදු කරන බවට ඔවුන් මට පොරොන්දු වුණා” යනුවෙන් මුරලි මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සදහන් කර තිබුණා

එම්.එස් ශ්‍රීපතිගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන \"800\" චිත්‍රපටයේ රූගතකිරීම් ලබන වසරේදී මුල් භාගයේදී ශ්‍රි ලංකාව, ඉන්දීයාව ,ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට සැලසුම්කර තිබූ අතර චිත්‍රපටය ලබන වසරේ අග භාගයේ සිට තිරගත කිරීමට ද සැලසුම් කර තිබුණා.