රටම බලා සිටින LPL සුපිරි විස්සයි විස්සේ 20 කැන්ඩි ටස්කර්ස් බොලිවුඩ් සුපිරි නළුවා මිලදී ගනී

Thursday, 22 October 2020 - 14:03

%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+LPL+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+20+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92+%E0%B6%A7%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන්ගේ සොහොයුරු සොහෙයිල් ඛාන් විසින් මිලදී ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සොහෙයිල් ඛාන්ට අයත් ඉන්ටර්නැෂනල් LLP සමාගම විසින් ටස්කර්ස් කණ්ඩායම මිලදී ගැනීම සදහා මුදල් ආයෝජනය කර ඇති අතර පසුගිය දා පැවැති LPL ක්‍රීඩක තෝරා ගැනීමේදී සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් ද මෙම කණ්ඩායම සදහා එක්කර ගැනීමට කටයුතු කළා.

මිට අමතරව එංගලන්තයේ ලියම් ප්ලන්කට් සහ පාකිස්තාන ක්‍රීඩක වහාබ් රියාස් ද කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ක්‍රීඩා කරනු ඇති.

කුසල් ජනිත් පෙරේරා දේශීය ප්‍රධාන ක්‍රීඩකා ලෙසින් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එක්වෙද්දී එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හෂාන් තිලකරත්න.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සොහෙයිල් ඛාන් පවසන්නේ ආකර්ෂණීය තරගාවලිය කණ්ඩායමක් වෙනුවෙන් මුදල් ආයෝජන
කිරීමට හැකි වීම සම්බන්ධයෙන් තමන් ඉතාමත් සතුටු වන බවයි.

ක්‍රිකට් උන්මාදයෙන් පෙළෙන ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට වැඩි වශයෙන් සහයෝගය දක්වන්න ඉදිරිපත් වනු ඇති බවත් සොහෙයිල් පවසනවා.

ක්‍රිස් ගේල් කියන්නේ \"ලෝකෙට ලොක්කා\" (universal Boss) ඔහු ඉන්නේ තනිව නෙමෙයි අපිට සමබර කණ්ඩායමක් ඉන්නවා මට විශ්වාසයි තරගාවලිය ජය ගන්න අපේ කණ්ඩායමට පුළුවන් වෙයි කියලා. තරගාවලියේ සියළුම තරග නරඹන්නට මගේ සොහොයුරා සල්මන් ඛාන්ගේ පැමිණීම මම බලාපොරොත්තු වනවා යනුවෙන් සොහෙයිල් ඛාන් වැඩි දුරටත් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණා.

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 21වැනිදා සිට දෙසැම්බර් මස 13 වැනිදා දක්වා පල්ලේකැලේදී සහ හම්බන්තොටදී
පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.