චෙන්නායි කණ්ඩායමට දැවැන්ත පරාජයක් (වීඩියෝ)

Saturday, 24 October 2020 - 9:19

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සාජා හිදී ඊයේ පැවති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟයකදී චෙන්නායි සුපර් කිංග්ස් පිල IPL තරඟාවලියක මුල්වරට කඩුළු 10 කින් පරාජයට පත් කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් පිල සිය පන්දුවාර විස්ස තුළ කඩුළු 09 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 114 ක්.

එහිදී නවසීලන්ත ක්‍රීඩක ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 18 කට කඩුළු 04 ක් බිඳ හෙළුවා.

පිළිතුරු වශයෙන් මුම්බායි පිල පන්දුවාර 09 යි පන්දු 04 කදී කිසිවෙකු නොදැවී ලකුණු 116 ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා.

ඉෂාන් කිෂාන් නොදැවී 68 යි.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.