ඉන්දීය ප්‍රිමියර් ලීග් තවත් තරඟ දෙකක් අද

Saturday, 24 October 2020 - 13:35

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට අදාළ තවත් තරඟ දෙකක් අද පැවැත්වෙනවා.

ඉන් පළමුවැන්න අබුඩාබි නුවර ෂෙයික් සෙයිඩ් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන්නේ කොල්කටා නයිට්රයිඩර්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි.

කිංග්ස් ඉලවන් පන්ජාබ් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර, දෙවන තරඟය ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.

අයි.පී.එල්. තරඟාවලියේ මේ වනවිට පවත්වා ඇති තරඟවල ප්‍රතීඵල අනුව මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් තරඟ 10 කින් ජයග්‍රහණ 7 බැගින් වාර්තා කරමින් ඉදිරියෙන් පසුවනවා.

4 වන ස්ථානය හිමිකර ගෙන ඇත්තේ ජයග්‍රහණ 5 ක් වාර්තා කළ කොල්කටා නයිට්රයිඩර්ස් පිලයි.