අදත් අයි.පී.එල් තරඟ දෙකක්

Sunday, 25 October 2020 - 12:58

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද(25) පැවැත්වෙන අතර පළමුවැන්න ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතරයි.

දැනට පවත්වා ඇති තරඟවලට අනුව ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසුවන බැංගලෝර් පිලට අවසන් වටයට සුදුසුකම් ලැබීමේ ඉහළ අවස්ථාවක් පවතින අතර, ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන චෙන්නායි පිලට ඒ සඳහා අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

චෙන්නායි පිල අයි.පී.එල්.තරඟාවලියේ අවසන් වටයට සුදුසුකම් නොලබන ප්‍රථම අවස්ථාව ද මෙයයි.

අද දෙවන තරඟය අබුඩාබි හිදී රාජස්ථාන් රෝයල්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර පැවැත්වෙනවා. ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන මුම්බායි පිල මෙවරත් අවසන් වටයට පහසුවෙන් සුදුසුකම් ලබනු ඇතැයි අපේක්ෂා කරන අතර, තරඟ 11 කින් 7 ක් පරාජය වූ රාජස්ථාන් පිලට ඒ සඳහා සුදුසුකම් ලැබීම අතිශය දුෂ්කර අභියෝගයක්.