රාජස්ථාන්, මුම්බායි පරදවයි

Monday, 26 October 2020 - 8:39

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියට අදාළව අබුඩාබි හි ඊයේ පැවති තරඟයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුළු 08 කින් පරාජයට පත් කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 05 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 195 ක්.

එහිදී හාර්දික් පාන්ඩියා පන්දු 21 කින් නොදැවී ලකුණු 60 ක් රැස් කළා.

රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 02 ක් තුළ කඩුළු දෙකක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 107 ක් රැස් කළේ පන්දු 60 කින්.