අයි.පී.එල්. තවත් තරඟයක් අද

Monday, 26 October 2020 - 13:15

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තවත් තරඟයක් සාජාහිදී අද(26) පැවැත්වෙන අතර, කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම් එහිදී තරඟ වදිනවා.

තරඟාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසීම සඳහා මෙම කණ්ඩායම් දෙක අතර පවතින්නේ තියුණු තරඟයක්.

මෙතෙක් පැවති තරඟවලින් මුම්බායි ඉන්දියන්ස් පිල පෙරමුණේ සිටින අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දෙවන ස්ථානයේත්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල තුන්වන ස්ථානයේත් පසුවනවා.