බුම්බායි පිළට කඩුලු 5ක ජයක් (වීඩියෝ)

Thursday, 29 October 2020 - 8:18

%E0%B6%B6%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+5%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව අබුඩාබි හි ඊයේ පැවති තරඟයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

තරඟයෙන් පළමුව පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 164ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම ජයග්‍රාහී සීමාව පසුකර ගියේ පන්දු වාර 19යි එක් පන්දුවක් තුළ කඩුලු 5ක් පමණක් දැවී තිබියදියි.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.