චෙන්නායි - නයිට් රයිඩර්ස් පරදයි (වීඩියෝ)

Friday, 30 October 2020 - 9:18

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදවා කඩුලු හයක ජයක් ලබාගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම කඩුලු පහකට ලකුණු 172 ක් රැස් කළා.

චෙන්නායි කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේදී සිය ජයග්‍රහණය වාර්තා කළේ කඩුලු හතරක් පමණක් දැවී තිබියදියි.

මෙම තරගයත් සමඟ මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරඟාවලියේ අවසන් කණ්ඩායම් හතරට නිතරඟයෙන් තේරී පත්වුණා.