රාජස්ථාන් රෝයල් කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Saturday, 31 October 2020 - 8:00

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+7%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අබුඩාබි හි ඊයේ(31) පැවති තරඟයෙන් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම පරදවා කඩුලු 7ක ජයක් ලබාගැනීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම කඩුලු 4ට ලකුණු 185ක් රැස් කළා.

රාජස්ථාන් කණ්ඩායම තරඟයේ 17 වන පන්දු වාරයේ තුන් වන පන්දුවේදී සිය ජයග්‍රහණය වාර්තා කළේ කඩුලු තුනක් පමණක් දැවී තිබියදියි.

තරඟයේ වීරයා බෙන් ස්ටොක්.

මෙම තරඟයේදී කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කරන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ලකුණු 99ක් ලබා ගත් අතර, ඊට හයේ පහර 8ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්.

ඊයේ තරඟයත් සමඟ පන්දු වාර 20 තරඟ ඉතිහාසයේ හයේ පහර 1000ක් එල්ල කරනු ලැබූ පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වීමට ද ක්‍රිස් ගේල් සමත් වුණා.