ක්‍රිස්ගේල්ට දඩයක්

Saturday, 31 October 2020 - 13:20

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස්ගේල්ට දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේදී විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන්.

මෙම තරගයේදී ක්‍රිස්ගේල් ලකුණු 99 කට දැවී ගිය අතර, පසුව ඔහු ආවේගයෙන් තම ක්‍රිකට් පිත්ත විසි කරනු ලැබුවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගේල් වරද පිළිගෙන ඇති බවයි අයි.පී.එල්. තරඟ සංවිධායකයින් ප්‍රකාශ කළේ.

ඒ අනුව ඔහුට තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩ මුදලක් පනවා තිබෙනවා. මෙම තරඟය ජය ගනු ලැබුවේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.