ක්‍රිකට් ඒජන්තවරයෙකු කළ සෙල්ලම (වීඩියෝ)

Saturday, 31 October 2020 - 15:11

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%92%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් රවටා ක්‍රීඩා වීසා ලබා දෙන බව පවසමින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ක්‍රිකට් ඒජන්තවරයකු විසින් සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් අද ඕස්ට්‍රේලියාවේ \'\'හැරල්ඩ් සන් \'\' පුවත් පත හෙළිදරව්වක් සිදු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් \'හැරල්ඩ් සන් \'\' පුවත්පත පල කළ වාර්ථාවෙන් අනාවරණය කර තිබුණේ සැමී නමින් ඕස්ට්‍රේලියාවේ පෙනී සිටින සමන් කන්දගේ සහ ඔහුගේ මිතුරෙකු වන කසුන් ගම්ලත් නැමැත්තකු විසින් කලක් තිස්සේ මෙය සිදු කර ඇති බවයි.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි ටිංගෝ එඩියුකේෂන් ඕස්ට්‍රේලියා ආයතනයේ නම උපයෝගී කර ගනිමින් මෙරට ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සිදු කර ඇති බවත් \'හැරල්ඩ් සන් \'\' පුවත්පත හෙළිකර තිබුණා.

කොළඹ ,ගාල්ල,මාතර සහ මහනුවර යන ප්‍රදේශ වල මෙම ආයතනයේ ශාඛාවන් තිබෙන බවත්,ශ්‍රී ලාංකිකයින් 70කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ඕස්ට්‍රේලියාවට ගෙන්වා ඇති බවත්  \'හැරල්ඩ් සන් \' පුවත්පත විසින් අනාවරණය කළා.

ඒ වෙනුවෙන් එක් අයකුගෙන් අමෙරිකානු ඩොලර් දස දහසක (10,000) මුදලක් අය කර ගැනීමට ද අදාළ වංචාව සිදු කළ පුද්ගලයින් විසින් කටයුතු කර තිබෙනවා.

ක්‍රිකට් ඇතුළුව ක්‍රීඩා ඉසව් නියෝජනය කිරීම සඳහා ඕස්ට්‍රේලියා ක්‍රීඩා වීසා ලබා ගැනීම වෙනුවෙන් අයදුම් කරන පුද්ගලයන්ගේ ව්‍යාජ දත්ත ඇතුළත් කිරීමට මොවුන් කටයුතු කර ඇති අතර වීසා ලබා ගැනීමෙන් අනතුරුව එම තොරතුරු ඔවුන් විසින්ම යලි පරිශීලනය කල නොහැකි වන ආකාරයට අන්තර් ජාලයෙන් ඉවත් කිරීමටද කටයුතු කර තිබෙනවා.

ක්‍රීඩා වීසා ලබාගෙන පැමිණි පුද්ගලයන්ගෙන් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට ඔවුන් යොමු කරන බවට පවසමින් අදාළ වංචනිකයන් විසින් තවත් අමෙරිකානු ඩොලර් 7,000ක මුදලක් ද අය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවට  පැමිණි පුද්ගලයන් සදහා නවාතැන් පහසුකම් ලබා දී ඇති එක් කාමරයක් තුළ 17දෙනෙකු ලැගුම් ගෙන සිටි  අතර ඔවුන් සදහා වෙන් කර ඇත්තේ ඇඳන් 3ක් පමණයි.

නම හෙළි නොකළ ශ්‍රී ලාංකිකයකු හැරල්ඩ් සන්  පුවත්පතට පවසා ඇත්තේ තමන් කිසි දිනක ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ කොන්ත්‍රාත් ගිවිසුමක් දැක නොමැති බවත් ඔහු ඇතුළු අනෙකුත් අය සරණාගත කදවුරක මෙන් මෙහි දිවි ගෙවන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු \'හැරල්ඩ් සන් \'\'  පුවත්පතට පවසා ඇත්තේ  ඕස්ට්‍රේලියානු සංක්‍රමණ නීති උල්ලංගණය කරන අය සම්බන්ධයෙන් තමන් නිරන්තර අවධානයෙන් පසුවන බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට එරට ආගමන විගමන නිලාධාරින් සමග එක්ව කටයුතු කරන බවත්ය.