මුම්බායි ඉන්දියන්ස්ට ජය

Saturday, 31 October 2020 - 20:17

%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට අදාලව අද(31) පැවති තරඟයකින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදවා කඩුළු 09ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඩුබායිහි පැවැත්වුණු තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 110ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම ජයග්‍රාහි සීමාව පසුකර ගියේ එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදීයි.