LPL වලට ජාත්‍යන්තර තරඟ තීරකයින් සහ විනිසුරුවරුන්

Saturday, 21 November 2020 - 13:41

LPL+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A
ලබන 26 වනදා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය සදහා ජාත්‍යන්තර තරග තීරකයන් සහ විනිසුරුවන් පෙළක් එක් වනවා.

ඒ අතර එම ක්ෂේත්‍රයන්හි උපරිම මට්ටමට පැමිණි ශ්‍රී ලාංකික ප්‍රවීන ක්‍රිඩකයන් දෙදෙනෙකු ද සිටීම විශේෂත්වයක්.

අයි.සී.සී. ප්‍රධාන තරග තීරක රන්ජන් මඩුගල්ලේ සහ අයි.සී.සී. විනිසුරු කුමාර ධර්මසේන එම ප්‍රවීන ශ්‍රී ලාංකික ක්‍රිඩකයන් දෙදෙනායි.

රන්ජන් මඩුගල්ලේ ලෝක කුසලාන අවසන් මහා තරග 7 ක් විනිශ්චය කර ඇති අතර, 2012 සහ 2018 වසරේ හොඳම විනිසුරු ලෙස අයි.සී.සී ඬේවිඩ් ෂෙෆර්ඩ් කුසලානය ජයග්‍රහණය කළේ කුමාර ධර්මසේනයි.