ඊයේ තරඟයේ හතරේ සීමාව වෙනදාට වඩා ලං කර තිබුනා ද ? ඇත්ත මෙන්න

Friday, 27 November 2020 - 13:02

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B6%BD%E0%B6%82+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF+%3F+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරඟය කලම්බු කිංග්ස් කණ්ඩායම සහ  කැන්ඩි ටස්කර්ස් අතර ඊයේ පැවැත්වුනා.

මෙම තරගයේදී දෙපිලේම ක්‍රීඩකයින් ලකුණු 466ක් ලබා ගත් අතර එහිදී ඔවුන් එල්ල කල තිබු හතරේ පහර සහ හයේ පහර සංඛ්‍යාව පිළිවෙලින් 46ක් සහ 22ක්.

මේ සමග ක්‍රීඩාංගණයේ හතරේ සීමාව වෙනදාට වඩා ලං කර ඇති බවට ඇතැම් ක්‍රීඩා ලෝලීන් චෝදනා එල්ල කළ අතර මේ සම්බන්ධයෙන් HIRU SPORTS කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රකාශ කළේ ක්‍රීඩාංගණයේ හතරේ සීමාවන් සම්මත දුර ප්‍රමාණයටත් වඩා පවතින බවයි.

ඊයේ දිනයේදී එය මීටර් 75කින් සමන්විත වූ බව ඔහු වැඩිදුරටත් අප සමගින් පවසා සිටියා.

LPL තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිත අතර එහිදී තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් සහ භානුක රාජපක්ෂගේ
නායකත්වයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් තරග වදිනු ඇති.

එම තරගය මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ අද රාත්‍රී 7.30ටයි.

ඊයේ රාත්‍රීයේ පැවති ආරම්භක තරගය සුපිරි පන්දුවාරයේදී ජය ගන්නට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කලම්බු කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ තියුණු සටනකින් අනතුරුව කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරාජය කරමින්.

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් කලම්බු නායක ඇන්ජලෝ මැතිව්ස් පළමු පන්දුවට පහරදීමට කැන්ඩි
කණ්ඩායම ආරාධනා කළා.

ඒ අනුව කැන්ඩි ටස්කර්ස් ඉනිම ආරම්භ කළේ කුසල් ජනිත් පෙරේරා සමගින් රහ්මනුල්ලා ගුර්බාස්.

ඔහු දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 75ක් එක්කළේ සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ගෙන දෙමින්.

රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 22කින් ලකුණු 53ක් රැස්කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමගින්.

නායකත්වයේ ඉනිමක් කුසල් ජනිත් පෙරේරා පන්දු 52කින් ලකුණු 87ක් රැස්කළා.

ඔහුගේ ඉනිම හතරේ පහර 9කින් සහ හයේ පහර 4කින් වර්ණවත් වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් සහ අසේල ගුණරත්න නොදැවී 33ක් ලබා ගත්තා.

මේ අනුව කැන්ඩි ටස්කර්ස් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 3ක් දැවී ලකුණු 219ක දැවැන්ත ලකුණු පුවරුවක් සනිටුහන් කරමින්.

පන්දු යැවීමේදී කයිස් අහමඩ් , දුෂ්මන්ත චමීර සහ මන්ප්‍රීත් ගෝනි අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

ජයග්‍රහණය සඳහා ලකුණු 220ක දැවැන්ත ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි කලම්බු කිංග්ස් කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත්තේ ලකුණු 219ක්.

කලකට පසු දිනේෂ් චන්දිමාල් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 46කින් ලකුණු 80ක් ලබා ගත්තේ හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් ද සමගින්.

ඒ අතරතුර උඩපන්දු කිහිපයක්ම කැන්ඩි ක්‍රීඩකයින් අතින් ගිලිහි යද්දී, ඉර්ෆාන් පතාන් ද ආබාධයකට ගොදුරු පිටියෙන් ඉවත් වුණා.

අන්ඩ්‍රේ රසල් පන්දු 13කින් ලකුණු 24ක් ලබා ගත්තා.

අවසන් පන්දුවාරයට කලම්බු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 20ක ඉලක්කයක් හිමි වූ අතර එම පන්දුවාරයට හයේ පහර දෙකක් ද සමඟින් ලකුණු
19ක් උදුරා ගන්නට ඉසුරු උදාන සමත්වුණේ සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගනිමින් තරගය සුපිරි පන්දුවාර වෙත රැගෙන යමින්.

ඔහු පන්දු 12කින් නොදැවී ලකුණු 34ක් රැස්කළේ හයේ පහර 4ක් ද සමගින්.

නුවන් ප්‍රදීප් සහ නවීන් උල් හක් අතරේ කඩුලු 2ක බැඟින් බෙදී ගියා.

මේ අනුව තරගයේ තීරණයක් සඳහා සුපිරි පන්දුවාරය වෙත යොමු අතර එම පන්දුවාරයේ පළමුව පන්දුවට පහරදුන් කලම්බු කිංග්ස් කණ්ඩායම එක් කඩුල්ලක්
දැවී ලකුණු 16ක් රැස්කළ අතර එම ඉලක්කය හඹා ගිය කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 12ක් පමණයි.

තරගයේ වීරයා දිනේෂ් චන්දිමාල්.