ජැෆ්නා ස්ටැලියන්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම්වලට ජය

Tuesday, 01 December 2020 - 10:34

%E0%B6%A2%E0%B7%90%E0%B7%86%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92+%E0%B6%A7%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟ දෙකෙන් ජැෆ්නා ස්ටැලියන්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළා.

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති පළමු තරඟයේදී ජැෆ්නා ස්ටැලියන්ස් පිල කඩුළු 07 ක් දැවී ලකුණු 218 ක් ලබාගත් අතර, එහිදී නායක තිසර පෙරේරා පන්දු 44 කින් ලකුණු 97 ක් රැස් කළේ හයේ පහර 07 ක් සහ හතරේ පහර 08 ක් සමඟින්.

පිළිතුරු වශයෙන් දඹුල්ල වයිකින්ස් පිලට පන්දුවාර 19 යි එක් පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 152 ක් පමණයි.

ඊයේ පැවති දෙවන තරඟයේදී කැන්ඩි ටස්කර්ස් පිල ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 25 ක ජයක් වාර්තා කළා. කැන්ඩි ටස්කර්ස් පිල සිය පන්දුවාර විස්ස තුළදී කඩුළු 05 ක් දැවී ලකුණු 196 ක් රැස් කළා.

එහිදී බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී ලකුණු 51 ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 49 ක්ද ලබාගත්තා.

පිළිතුරු වශයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් පිල සිය පන්දුවාර විස්ස තුළදී කඩුළු 07 ක් දැවී ලකුණු 171 ක් ලබා ගත්තා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 82 යි.