ෂහීඩ් අෆ්රීඩ්, ගෙදර යයි

Wednesday, 02 December 2020 - 20:04

%E0%B7%82%E0%B7%84%E0%B7%93%E0%B6%A9%E0%B7%8A+%E0%B6%85%E0%B7%86%E0%B7%8A%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8A%2C+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාකිස්ථානු කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක, ෂහීඩ් අෆ්රීඩ් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය (LPL) මැද ආපහු සිය රට බලා යන බව ප්‍රකාශ කර තිබෙනවා.

ගාල්ල Gladiators කණ්ඩායම සඳහා ෂහීඩ් අෆ්රීඩ් නායකත්වය හොබවනු ලැබුවා.

කෙසේ වෙතත්, ඔහු ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පෞද්ගලික අවශ්‍යතාවයක් මත මෙසේ ආපසු යාමට තීරණය කළ බවයි.

\"අවාසනාවකට මෙන් මට ආපසු ගෙදර යන්න වෙලා තියෙනවා. තත්ත්වය හසුරුවා ගත් වහාම මම නැවතත් මගේ කණ්ඩායම සමඟ එක් වනවා..\" යැයි ඔහු එහි සඳහන් කර තිබුණා.

හෙට යාපනයේ කණ්ඩායමත් සමඟ ගාල්ල Gladiators කණ්ඩායම තරඟ වැදීමට නියමිත අතර බොහෝ දුරට ක්‍රීඩක භානුක රාජපක්ෂ එහි නායකත්වය හොබවනු ඇති බවට වාර්තා වනවා.
\"No