LPLතරඟාවලියට එක්වූ තවත් විදෙස් ක්‍රීඩකයෙක් යළි සිය රටට

Thursday, 03 December 2020 - 9:11

LPL%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7
ඇෆ්ගනිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක අෆ්ටාබ් අලාම්ද පෞද්ගලික හේතුවක් මත නැවත සිය රටට ගොස් තිබෙනවා.

ඔහු දඹුල්ල වයිකින්ස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක්.

මේ අතර, ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් පිල නියෝජනය කරන ප්‍රවීන පාකිස්තාන ක්‍රීඩක ශහීඩ් අෆ්රීඩි පෞද්ගලික හේතුවක් මත නැවතත් පාකිස්තානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

කෙසේ නමුත්, ට්වීටර් සටහනක් තබමින් ඔහු සටහන් කළේ තම පෞද්ගලික කාරණය සමථයකට පත්කරගත් පසු කඩිනමින් නැවත ශ්‍රී ලංකාවට පැමිණ කණ්ඩායම සමඟ එක්වන බවයි.

ශහීඩ් අෆ්රීඩිගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පිල එල්.පී.එල්. තරඟාවලියේ මෙතෙක් ජයග්‍රහණයක් වාර්තා කර නැහැ.

ඔහුගේ නික්මීමෙන් උප නායක භානුක රාජපක්ෂ කණ්ඩායම මෙහෙය වනු ඇතැයි අපේක්ෂිතයි.

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියට අදාළ තවත් තරඟ දෙකක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අදත් පැවැත්වීමට නියමිතයි.

පළමු තරඟය ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

දෙවන තරඟයේදී දඹුල්ල වයිකින් පිල, කැන්ඩි ටස්කර්ස් පිලට එරෙහිව පිටියට පිවිසෙනු ඇති.