ගෝල් ග්ලැඩියේටර්ස් පිළට ලකුණු 208ක ඉලක්කයක්

Saturday, 05 December 2020 - 17:29

%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+208%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට අදාළව දඹුල්ල වයිකිං කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟයේ පළමුව පන්දුවට පහරදුන්  දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 04කට ලකුණු 207ක් රැස් කළා.

එහිදී වයිකිං පිළ වෙනුවෙන් උපුල් තරංග ලකුණු 77ක් රැස් කල අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 60ක් රැස් කරමින් කණ්ඩායමට සිය දායකත්වය ලබාදුන්නා.

දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක ලකුණු 37ක් රැස් කළේ පන්දු 21කට මුහුණ දෙමින්.

පන්දු යැවීමේදී ධනංජය ලක්ෂාන් කඩුලු 02ක් බිද දැමුවා.

තරඟය ජයග්‍රහණය සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය 208ක්.