මඩුගල්ල ප්‍රථම වරට ශ්‍රී ලංකාව සහභාගි වන තරඟයක තීරක වෙයි

Friday, 08 January 2021 - 12:57

%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%92+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තරඟ තීරකවරයෙකු වන රංජන් මඩුගල්ලේට ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගි වන ටෙස්ට් තරඟාවලියක තීරකවරයෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

ඒ අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලබන 14 වනදා ගාල්ලේදී ආරම්භ වන තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ තීරකවරයා ලෙස මොහුව පත් කිරීමටයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත්තේ.

ටෙස්ට් තරගාවලියක් සඳහා තරඟ තීරකවරයෙකු පත් කිරිමේදී අනුගමන කරනු ලබන සම්ප්‍රදාය වන්නේ තරග වදිනු ලබන රටවල් දෙකට අයත් නොවන රටක තීරකවරයෙකු පත් කිරිමයි.

එහෙත් ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඒ ඒ රටවල තීරකවරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ සේවය ලබා ගැනිමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන රංජන් මඩුගල්ලේ ටෙස්ට් ඉතිහාසයේ වැඩිම තරඟ සංඛ්‍යාවක තීරකවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.