මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ආසියානු කලාපයේ පළමු සිව්දෙනා අතරට පැමිණීමට මෙරට ක්‍රීඩිකාවන් තිදෙනෙකු සමත්ව තිබෙනවා.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුවද උපරිම දක්ෂතා දක්වමින් ආසියාවේ දෙවන, තුන්වන සහ හතරවන හොඳම දක්ෂතාවන් වාර්තා කිරීමට ඩිල්ශි කුමාරසිංහ, නිමාලි ලියනාරච්චි සහ ගයන්තිකා අබේරත්න සමත් වුණා.
ඒ නිමා වූ ජාතික මලල ක්‍රීඩා ශූරතා තරඟාවලියේදීයි. එමෙන්ම, ලෝක මලල ක්‍රීඩා ලකුණු අනුව මීටර 400 කාන්තා ධාවන ඉසව්වෙන් නදීශා රාමනායක ලෝක ශ්‍රේණිගත කිරීම්වල 51 වන ස්ථානයේ පසුවනවා.
ඇයට ආසියානු කලාපයේ හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි.
ඊට අමතරව මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් නිලානි රත්නායක ලෝක ශ්‍රේණිගත කිරීම්වල 35 වන ස්ථානයේ පසුවනවා.
ඇයට ද ආසියානු කලාපයේ හිමිව ඇත්තේ 2 වන ස්ථානයයි.
මේ අතර හෙල්ල විසි කිරීමේ ශූර සුමේධ රණසිංහ ලෝක ශ්‍රේණිගත කිරීමවල 30 වන ස්ථානයේ පසුවන අතර ඔහුට ආසිායනු කලාපයේ 6 වන ස්ථානය හිමිව තිබෙනවාග