කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ඕනෑම අවස්ථාවක පුහුණුකරුවන් ලෙසට කණ්ඩායමට සම්බන්ධ විය හැකි බව ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න පවසනවා.
ක්‍රීඩා කවුන්සිලයේ ද සාමාජිකයන් වන මහේල ජයවර්ධන වැනි ක්‍රීඩකයන්ට ක්‍රිකට් දියුණු කළ හැකි ආකාරය පිළිබඳව යෝජනා ඉදිරිපත් කළ හැකි බවයි හිරු වෙබ් ටෝක් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් උප සභාපතිවරයා පෙන්වා දුන්නේ.
කුමාර සංගක්කාර හෝ මහේල කණ්ඩායමේ පුහුණුකාරීත්වය ලබා ගැනීමට කැමැත්ත පළ කළ හොත් ඒ පිළිබඳ සලකා බැලීමට හැකියාව පවතින බව ද රවීන් වික්‍රමරත්න ප්‍රකාශ කළා.