පළමු ටෙස්ට් තරඟයට එංගලන්තයෙන් විශේෂඥ දඟ පන්දු යවන්නන් දෙදෙනෙක්

Wednesday, 13 January 2021 - 7:53

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%A5+%E0%B6%AF%E0%B6%9F+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සමඟ හෙට ආරම්භ වන පළමු ටෙස්ට් තරඟයේදී එංගලන්ත පිලේ පන්දු යවන බලඇණිය වේග පන්දු යවන්නන් 03 දෙනෙකුගෙන් සහ දඟ පන්දු යවන්නන් දෙදෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

එංගලන්ත පිලේ කොරෝනා ආසාදිත මොයින් අලීගේ නිරෝධායන කාලය අද අවසන් වූවද, ඔහු පළමු ටෙස්ට් තරඟයට සහභාගි වන්නේ නැහැ.

මේ නිසා නායක ජෝ රූට්ද අතිරේක පන්දු යවන්නෙකු ලෙස කටයුතු කරනු ඇතැයි අපේක්ෂිතයි.

දඟ පන්දු යවන්නන්ට වාසිදායක ගාලු තණතිල්ලේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරඟය සඳහා එංගලන්ත පිලේ ඩොම් බෙස් සහ ජැක් ලීච් විශේෂඥ දඟ පන්දු යවන්නන් ලෙස යොදා ගැනීමට නියමිතයි.

ඔලී ස්ටෝන් සහ මාර්ක් වුඩ් යන ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකු, තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන සෑම් කරන් මෙන්ම ස්ටුවර්ට් බ්‍රෝඩ් හෝ ජේම්ස් ඇන්ඩර්සන් යන ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකු එංගලන්ත පිලේ වේග පන්දු යවන්නන් ලෙස යොදා ගැනෙනු ඇති.