එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ක්රීඩකයන් 22 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්රී ලංකා ක්රිකට් මගින් ප්රකාශයට පත් කළා.
අයි.සී.සී, ටෙස්ට් ශූරතාවලිය යටතේ එංගලන්තය සහ ශ්රී ලංකාව අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වෙන අතර පළමුවැන්න හෙට ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා සංචිතයට කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු තිරිමාන්න ඇතුළු ක්රීඩකයන් මෙන්ම, දකුණු අප්රිකානු චාරිකාවේදී කායික ආබාධවලට ලක්වූ දිනේෂ් චන්දිමාල්, වනිදු හසරංග, ළහිරු කුමාර, ධනංජය ද සිල්වා සහ සුරංග ලක්මාල් ද ඇතුළත්.