සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී හෙට ආරම්භ වනවා.
කණ්ඩායම් දෙක අතර, මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවති ටෙස්ට් තරග විසිහයේම විසඳුමක් ඇතිවූ අතර, එයින් 14ක් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකාවයි.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණු අතර, එහිදී කුසල් මෙන්ඩිස් සහ ලහිරු තිරිමාන්න යන ක්‍රීඩකයන් දෙදෙනාම නම් කර ඇත්තේ එක් අයෙකු අංක තුනේ ක්‍රිඩකයා ලෙස යොදා ගැනීමේ අරමුණින්.
ශ්‍රී ලංකා පිලට එක්ව සිටින හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තවත් ලකුණු 16 ක් එක්රැස් කරගත හොත් ටෙස්ට් ලකුණු 6000 ඉක්මවන පස්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වනවා.
මේ අතර, කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් නිරෝධායන කාලය දිගු කළ එංගලන්ත ක්‍රීඩක මොයින් අලීට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ද අහිමිවනු ඇති බව එංගලන්ත මාධ්‍ය සඳහන් කළා.