ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගය අද

Thursday, 14 January 2021 - 7:54

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වනවා.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේ එංගලන්ත පිලට එරෙහිව ශ්‍රී ලංකා පිලට වාසිදායක තත්ත්වයක් පවතින බවයි.

විශේෂයෙන් එංගලන්ත පිලට මුල්පෙල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අහිමි වීම ඊට හේතුවක් ලෙස ඔහු පෙන්වා දෙනවා.

එංගලන්තයේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන බෙන් ස්ටෝක්ස් මෙම තරඟාවලියෙන් විවේක ගන්වා ඇති අතර, කොරෝනා ආසාදනය වීම නිසා ප්‍රධානතම පන්දු යවන්නෙකු වන මොයින් අලීද කණ්ඩායමට එක්වන්නේ නැහැ.

කෙසේ නමුත්, එංගලන්ත පිලේ දඟ පන්දු යවන්නන් වන ජැක් ලීච් සහ ඩොම් බෙස් වෙතින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල විය හැකි බව දිමුත් කරුණාරත්නගේ අදහසයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ තණතිල්ල දඟ පන්දු යවන්නන්ට වාසිදායක බව ප්‍රකටයි.

මේ අතර අද තරඟයට බොහෝදුරට එක්විය හැකි බවට සඳහන් කණ්ඩායම් දෙක විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තාකර තිබෙනවා.

Sri Lanka (probable)

1 Dimuth Karunaratne (capt.),
2 Kusal Perera,
3 Kusal Mendis/Lahiru Thirimanne,
4 Dinesh Chandimal,
5 Angelo Mathews,
6 Niroshan Dickwella (wk),
7 Dasun Shanaka,
8 Wanindu Hasaranga,
9 Dilruwan Perera,
10 Lasith Embuldeniya,
11 Suranga Lakmal/Vishwa Fernando

England (probable)

1 Dom Sibley,
2 Zak Crawley,
3 Jonny Bairstow,
4 Joe Root (capt.),
5 Dan Lawrence,
6 Jos Buttler
7 Sam Curran,
8 Dom Bess,
9 Jack Leach
10 Mark Wood
11 James Anderson/Stuart Broad