සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අද උදෑසන ආරම්භ වුණා.
එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
චන්දිමාල් කණ්ඩායම මෙහෙයවන්නේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්න කායික ආබාධයකට ලක්වීම හේතුවෙන්.
දිගු කලකට පසු ළහිරු තිරිමාන්නට ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට අවස්ථාව හිමිවූ අතර, ඔහු පිටියට පිවිසුනේ කුසල් ජනිත් පෙරේරා සමගින්.
කෙසේ නමුත්, ස්ටුවට් බ්‍රෝඩ්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ තිරිමාන්න ලකුණු 4 කට දැවී ගිය අතර, කුසල් ජනිත් පෙරේරා, දග පන්දු යවන ක්‍රීඩක ඩොම් බෙස්ගේ පළමු පන්දුවාරයේදීම දැවී ගියේ ලකුණු 20 කටයි.
දකුණු අප්‍රිකානු චාරිකාවේ ටෙස්ට් ඉනිම 3 කදී ලකුණු බින්දුව බැගින් ලැබූ කුසල් මෙන්ඩිස් මෙම තරගයේදී අඛන්ඩ සිව්වන වතාවට ලකුණු නොලබා දැවී ගියා.
ශ්‍රී ලංකා පිල මීට සුළු වේලාවකට පෙර මුල් ඉනිම සඳහා කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 85 ක්.
නොදැවී පන්දුවට පහර දෙන්නේ ඇන්ජලෝ මැතිව්ස් සමඟ දිනේෂ් චන්දිමාල්.