ලහිරු තිරිමාන්න සිය දෙවන ටෙස්ට් ශතකය රැස්කරයි

Sunday, 17 January 2021 - 10:51

%E0%B6%BD%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ලහිරු තිරිමාන්න සිය දෙවන ටෙස්ට් ශතකය ලබාගැනීමට සමත්වුනා.

දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට කඩුලු 3ක් දැවී ලකුණු 196ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී 135යි.

එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 421ක් ලබාගත්තා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි තරගය පැවැත්වෙන්නේ.