ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිද්ධිය ගැන ක්‍රිකට් ආයතනය වාර්තාවක් කැඳවයි (වීඩියෝ)

Thursday, 21 January 2021 - 15:39

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


එංගලන්තය කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ එහි කාර්ය මණ්ඩලයේ සේවිකාවක අතර සිදු වූ බව කියන අපකීර්තීමත් සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තාවක් කැඳවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය කියා සිටියේ, ක්‍රිකට් කළමණාකරු අසන්ත ද මෙල් විසින් මෙම වාර්තාව ඉල්ලා ඇති බවයි.

මෙම වාර්තාව ලැබීමෙන් අනතුරුව ඊට අදාළ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ පුහුණුකරු වන මිකි ආතර් ඊයේ දිනයේදී ප්‍රතික්ෂේප කළා.

ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියේ, කිසිදු අවස්ථාවක මෙවැනි ක්‍රියාවක් සිදුවීමට ඉඩක් නොමැති බවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වැරදකරුවන් වෙත දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.