සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.
අද දිනට තරගය නතර කරනවිට සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 2ක් දැවි ලබාසිටි ලකුණු සංඛ්‍යාව 98ක්.
එහිදී නායක ජෝ රූට් ලකුණු 67ක් සහ ජොනි බෙයාර්ස්ටෝව් ලකුණු 24ක් ලබා නොදැවි පන්දුවට පහර දෙමින් සිටියා.
ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 283ක් පිටුපසින් සිටින්නේ, කඩුලු අටක් අතැතිවයි.
තරගයේ කාසියේ වාසිය දින ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 381ක් රැස්කරගැනීමට සමත් වුණා.
එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 110ක් ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 92ක් ද ලබාගත්තා.
දිල්රුවන් පෙරේරා ලකුණු 62යි.
පන්දු යැවීමේදී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 6ක් බිඳහෙළුවා.
ආසියානු කලාපයේ කඩුලු 5කට වඩා දවාගත්, වයස්ගතම වේගපන්දු යවන්නා ලෙසයි ඔහු අද වාර්තා පොත් අතරට එක්වූයේ.
තරගය පැවැත්වෙන්නේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් සිය 11 වන ටෙස්ට් ශතකය ඊයේ රැස් කළා.
ඔහු එංගලන්ත කණ්ඩායමට එරෙහි තරගයකදී රැස් කළ තුන්වන ශතකය ද එයයි.
එමෙන්ම එම ශතකය වාර්තා අතරට එක්වන්නේ ඇන්ජෙලෝ මැතිව්ස් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී රැස් කළ පළමු ශතකය ලෙසටයි.