ශ්රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගය කඩුලු 6 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත් වුණා.
ඔවුන්ගේ පළමු ඉනිම අද පෙරවරුවේ ලකුණු 344 කට සීමා වූ අතර, ශ්රී ලංකා කණ්ඩායම අද දෙවන ඉනිමේදී ලබා ගත්තේ සියලුදෙනා දැවී ලකුණු 126 ක් පමණයි.
ශ්රී ලංකා පළමු ඉනිම ලකුණු 381 යි. එංගලන්ත පළමු ඉනිමේදී කඩුලු 7 ක් බිඳ හෙලූ ලසිත් ඇඹුල්දෙණිය ශ්රී ලංකා දෙවන ඉනිමේදී ලකුණු 40 ක් රැස් කළා.
කෙසේ වෙතත්, එංගලන්ත කණ්ඩායමට ජයග්රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 164 ක්.
කඩුලු 4 ක් දැවී එම ඉලක්කය පසුකර යාමට ඔවුන් සමත් වුණා.
ඒ අනුව, දකුණු අප්රිකාව හමුවේ ද ටෙස්ට් තරගාවලි පරාජයක් හිමිවූ ශ්රී ලංකා කණ්ඩායම පිට පිට දෙවන ටෙස්ට් තරගාවලි පරාජයත් අද හිමිකර ගත්තා.
2 ට බින්දුවක් ලෙස ශ්රී ලංකා කණ්ඩායම පරාජය කළ එංගලන්ත කණ්ඩායම අඛන්ඩව ලබා ගත් 4 වන ටෙස්ට් තරගාවලි ජයග්රහණය ලෙස ද මෙය සටහන් වනවා.
මේ අතර, අසන්තා ද මෙල්ගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කළමනාකාර ධුරය සඳහා ජෙරම් ජයරත්න පත් කර ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළා.