UAE ක්‍රීඩකයින් දෙදෙනෙකුට තරඟ පාවාදීම් චෝදන

Wednesday, 27 January 2021 - 8:39

UAE+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1
2019 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී තරඟ පාවාදීම්වලට සම්බන්ධ බවට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයින් දෙදෙනෙකු වරදකරුවන් කර තිබෙනවා.

ඉන් එක් ක්‍රීඩකයෙකු වන්නේ එක්සත් අරාබි එමීරය වෙනුවෙන් එක්දින සහ විස්සයි විස්ස තරඟවලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින ෂයිමන් අන්වාර්. එමීර කණ්ඩායමේ හිටපු නායකයා සහ වැඩිම කඩුළුලාභීයා වන මොහොමඩ් නවීඩ් එලෙස අයි.සී.සී. ය මගින් දූෂණවල නිරත වූ බවට වරදකරුවෙකු කළ අනෙක් ක්‍රීඩකයායී.

2019 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟවලදී, තරඟ පාවාදීම් සිදුකිරීමෙන් මොවුන් අමෙරිකානු ඩොලර් දෙලක්ෂ 70,000 ක් උපයා ඇති බව අනාවරණ වී තිබෙනවා.